“පූජකවරුන්ගෙන් සිදුවුණු ළමා ලිංගික අපයෝජන චෝදනා සියල්ල ගැන නොපමාව විමර්ශනය කළ යුතුයි”

0
24

ළමා අපචාරයක යෙදී ඇති බවට පූජකවරයකුට විශ්වසනීය චෝදනා එල්ල වී ඇති විටෙක එවැන්නකුට එරෙහිව නෛතිකව කටයුතු කිරීමට වතිකාන කාර්යාලය අපොහොසත් වූවත්, රදගුරු හිමිවරුන් ගේ වගකීම වන්නේ ළමයින් සහ යෞවනයන් ගේ ආරක්ෂාව අරමුණු කරගනිමින් පොදු යහපත තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම බව මොල්ටාවේ චාර්ල්ස් ස්කිල්කූනා අගරදගුරු හිමි පෙන්වා දෙයි.

“අප නිතරම නීතියට අනුව ක්‍රියා කරන බවට අපගේ රැකවරණ ලබන විශ්වාසිකයන් ගේ සංඝය තුළ විශ්වාසයක් තිබිය යුතුයි. කෙතරම් ඉහළ වන්දියක් ගෙවීමට සිදු වූවත් අප ඔවුන් ආරක්ෂා කරන බව අපගේ විශ්වාසකයන් දැනගත යුතුයි. අප වෙත භාර කරන ලද බැටළු රැල වෙනුවෙන් අප අපගේ ජීවිතය වුවද පුද දෙන්නට සූදානම් බවට වැටහීමක් ඔවුන් තුළ ජනිත විය යුතුයි,” යි එතුමා අවධාරණය කළේය.

ස්කිල්කූනා අගරදගුරු හිමියන් මෙම ප්‍රකාශ කලේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් කැඳවන ලද පූජක ළමා අපචාර පිලිබඳ ලෝක රදගුරු සමුළුවේ පළමු දිනයේ (පෙබරවාරි 21) තුන්වන දේශනය කරමිනි. චාර්ල්ස් ස්කිල්කූනා අගරදගුරු තුමා වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ සසුන් නියෝජනයේ සහකාර ලේකම් වරයා ද වේ. මේ තනතුරේ නිල බලයෙන් පුදැදුරු ළමා අපයෝජන ගැන විමර්ශනය කිරීමේ වගකීම එතුමන් වෙත පැවරී තිබේ. සසුන් නීතිවේදියකු ද ව න එතුමා අභීත, ස්වාධීන විමර්ශකයකු ලෙස ද ගෞරවයට පාත්‍රව සිටියි.

මෙම වගකීම ද පසුබිම් කරගනිමින් ස්කිල්කූනා අගරදගුරු හිමි ලිංගික අපයෝජන චෝදනා සමබන්ධයෙන් රදගුරු හිමිවරුන් ක්‍රියා කල යුතු ආකාරය ගැන පියවරෙන් පියවර උපදේශ මාලාවක් ඉදිරිපත් කළේය. එසේම සිය වතිකාන කාර්යාලය එම චෝදනා ගැන විමර්ශනය කරන ආකාරය ගැන ද එතුමා විස්තර කළේය.

“පූජක ළමා අපයෝජන සම්බන්ධයෙන් තමන් වෙත ලැබෙන සියලුම චෝදනා ගැන රදගුරු හිමිවරුන් අනවශ්‍ය පමාවකින් තොරව වමර්ශනය කල යුතුයි. රදගුරු හිමිවරුන් ලෙස නම් යෝජනා කෙරෙන පුදැදුරු වරුන් තුළ අපයෝජන සම්බන්ධයෙන් නිසි තේරුම් ගැනීමක් හෝ වැටහීමක් නොමැති නම් ඒ ගැන වතිකානය් වෙත දැනුම් දීමේ වගකීම රදගුරු හිමිවරුන් වෙත පැවරී තිබේ. රදගුරු හිමිවරුන් තෝරාගැනීමේ ක්‍රියාවලියේදී කරුණු වසන් කිරීම රදගුරු සේවාවේ විශ්වසනීයත්වයට එරෙහිව කරන බරපතල පාපයකි” යි ස්කිල්කූනා රදගුරු හිමි කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here