කුරුල්ලකු ගැටීමෙන් අනතුරට ලක්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය

0
23
කුරුල්ලකු ගැටීමෙන් අනතුරට ලක්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය

ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක ඇංජිමක කුරුලෙකු ගැටීම නිසා ඉතිරි තනි ඇංජිමෙන් පැය 02ක ගුවන් ගමනකින් පසු යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (26) දින රාත්‍රී පැමිණි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියා.

මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A – 330 වර්ගයේ ඇංජින් 02කින් සමන්විත එයා බස් වර්ගයේ ගුවන් යානයකි.

මෙම ගුවන් යානය තුළ මගීන් 268ක් සහ කාර්යය මණ්ඩලය 12ක් සිටිය බැව් ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL – 225 දරන මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 6.40ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය අතර එය ඉන්දීය ගුවන් සීමාවේ දී මෙම ගුවන් යානයේ වම් පස අංක 01 දරන ඇංජිම කුරුලෙකු හා ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්පසු තවදුරටත් මෙම ගුවන් යානය ඉදිරියට යෑම අත්හිටවූ ගුවන් නියමුවරයා යානය වහාම ආපසු හරවාගෙන යළිත් රාත්‍රී 8.11ට කටුනායක ගුවන් තොටුපළ වෙත නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට සමත් වී තිබෙනවා.

පසුව මෙම මගීන් සියල්ල ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වෙනත් ගුවන් යානයක් මගින් එදිනම රාත්‍රී 11.15ට පමණ යළිත් ඩුබායි බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට අනතුරුට පත් මෙම ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සදහා යොමු කර තිබෙනවා.


ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here