‘සුළඟ අප රැගෙන යාවි’ සිනමාපටයේ තිරය පිටුපස දසුන් කරළියට

0
21
'සුළඟ අප රැගෙන යාවි' සිනමාපටයේ තිරය පිටුපස දසුන් කරළියට

මීමුරේ ජීවත් වන අවසාන තලවම් කණ්ඩායමේ ජීවිත රටාව පදනම් කරගනිමින් නිර්මාණය වූ ‘සුළඟ අප රැගෙන යාවි’ සිනමාපටය ළඟදීම මෙරට සිනමාහල් වලදී ප්‍රදර්ශනය වීමට නියමිතය.

තවලම් කණ්ඩායමේ එක් පවුලක සිටි ‘සුද්දා’ නැමති වස්සා අතුරුදහන් වීමත් සමඟ මෙම තවලම් පවුල මුහුණ දෙන ගැටලු, පුංචි දරුවෙක් පවුලේ සාමාජිකයෙකු ලෙස සැලකු සුද්දා සොයා මින් පෙර කිසිම දිනක නොපැමිණි කොළඹ නගරයට පැමිණීම කේන්ද්‍ර කරගනිමින් ‘සුළඟ අප රැගෙන යාවි’ නිර්මාණය වී තිබේ.

නුවන් ජයතිලකගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘සුළඟ අප රැගෙන යාවි’ හා එහි කතාව ගැන ඔහු පළකරන්නේ මෙවැනි අදහසකි.

“මම ගමේ ඉඳන් කොළඹට එන්නේ. මම එතකොට එච්චර ලොකු ජනාකීර්ණ, විශාල නගරයක් දැකලා තිබුණේ නැහැ මුලින්ම. මම ඉපදුනේ රත්නපුරේ, පැල්මඩුල්ලේ පැත්තට යනකොට ජෝ අබේවික්‍රමයන්ගේ ගම වුණු ලෙල්ලුවපිටිය ගමේ ඉඳනුත් කිලෝ මීටර් කිහිපයක් ඇතුළට වෙන්න හද්ද පිටිසර කැළෑවලින් වට වුණු ගමක් වුණු හිරිලියැද්ද කියන ගමේ. ඒ ගමේ ඉඳන් රත්නපුරයට එන්න එකත් ඒ තරම් ලේසි දෙයක් වුණේ නැහැ.

මම උසස් පෙළ ලියලා කොළඹ පදිංචියට එන්නට කළින් මම පොඩි කාලේ ළමා නාට්‍යවල රඟපෑවා. ඒ නාට්‍යවලට කොළඹ⁣ට ඇවිත් තියෙනවා. එතකොට පළවෙනි පාරට කොළඹ දැකපු මම පුදුමයට පත් වෙලා හිටියා. ලොකු ගොඩනැගිලි, ජනාකීර්ණ බව මේ හැමදෙයකටම මම හැඩ ගැහෙන්න කොහොමද කියන දේ ගැන මගේ හිතේ චකිතයක් තිබුණා”

මෙහි දැක්වෙන්නේ ‘සුළඟ අප රැගෙන යාවි’ සිනමාපටයේ නිළ ෆේස්බුක් පිටුවේ පළකර තිබූ එහි තිරය පිටුපස දසුන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here