“මහා පරිමාන ව්‍යාපාරිකයෝ රැසක් බදු මුදල් ගෙවීම පැහැර හැරලා”

0
18

මේ රට තුල බදු ආදායම අඩු විමට ප්‍රධාන හේතුව වි ඇත්තේ මේ රටේ මහ පරිමාණයේ ව්‍යපාරිකයන් රැසක් බදු මුදල් නිසි ලෙස නොගෙවන නිසා බව පුරවැසි බලය සංවිධානයේ කැදවුම් කරු සමන් රත්නප්‍රිය මහතා පැවසිය.

සමන් රත්නප්‍රිය මහතා ඒ බව පැවසුවේ සිවිල් සංවිධාන වෘත්තිය සමිති එකමුතුව විසින් හැටන් දික්ඔය නව නගර ශලාවේ කඳුරට ජනතාවගේ අයිතින් සුරකින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන මැයෙන් ඊයේ (03) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මේ රට තුල බදු මුදල් ගෙවන මහ පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙදෙහසක් සිටින බවත්, එම ව්‍යපාරිකයන් අතරින් වැඩි ප්‍රමාණයක් නිසි ලෙස බදු මුදල් නොගෙවන බවත් හෙතෙම කියා සිටියා.

එම මුදල් අය කර ගැනිමට රට තුල නිසි වැඩ පිළිවෙලක් නොමැති බවත්, මේ රටේ සමාන්‍යය ජනතාව පමණක් බදු මුදල් නිසි ලෙස ගෙවන බවත්, රටේ ආදායම් තත්ත්වය ඉහල දැමීමට බදු මුදල් නිසි ලෙස එකතු කල යුතු බවත් සමන් රත්නප්‍රිය මහතා වැඩි දුරටත් කියා සිටියා.

මෙම සම්මන්ත්‍රණයට මහචාර්යය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු දේශකයෝ රැසක් සහභාගි වී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here