අගමැතිගේ ජංගි කතාවට කාන්තා විරෝධය

0
16
අගමැතිගේ ජංගි කතාවට කාන්තා විරෝධය

ඊයේ (04) බිංගිරිය අපනයන සැපයුම් කලාපයේ වැඩ අරඹමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ගැන ඇගළුම් ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවන් හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා සංවිධාන කීපයක් හෙළා දැක තිබෙනවා.

අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ,
“කාන්තාවන්ට හොඳම ජංගි ලෝකයේ අද හදන්නේ ලංකාව. වික්ටෝරියා සීක්‍රට් එකෙන් අහන්න ඔය ජංගි ටික කොහෙන්ද එන්නේ කියල? කාන්තාවන් දන්නවා.” යනුවෙනුයි.

ඊයේ පස්වරුවේ පැවති උත්සවයේදී අගමැතිවරයා මෙසේ පැවසුවේ ඉතා සැහැල්ලුවෙන් සහ සිනහ මුසු ස්වරයකිනුයි.

එම ප්‍රකාශය කාන්තාවන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙසින් විග්‍රහ කරන ඇතැම් කාන්තා සංවිධාන එම ප්‍රකාශය හේතුවෙන්, විශේෂයෙන් ඇගළුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් අපහසුතාවයට පත්වන බව ද සඳහන් කර සිටිනවා.

කටුනායක ආයෝජන කළාපය මුල් කරගනිමින් එහි සේවිකාවන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින “ඩා බිඳු සමුහිකය” එම ප්‍රකාශය තරයේ හෙළා දකිමින් අවධාරණය කර සිටින්නේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී අගමැතිවරයා මේ පිළිබඳව කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here