මෙවර රයිගම් ටෙලීස් වැඩිම නිර්දේශ ලැබූ ටෙලිය “කූඹියෝ”

0
28
මෙවර රයිගම් ටෙලීස් වැඩිම නිර්දේශ ලැබූ ටෙලිය

රූපවාහිනී ටෙලි නාට්‍ය නැවත ප්‍රේක්ෂකයා වෙත සමීප කළ “කූඹීයෝ” ටෙලි නිර්මාණය මෙවර රයිගම් ටෙලීස් සම්මාන 13ක් වෙනුවෙන් නිර්දේශ ලබා තිබෙනවා.

2018 වසරේ විකාශය කළ රූපවාහිනී වැඩසටහන් සහ ටෙලි නිර්මාණ වෙනුවෙන් සම්මාන පිරිනැමෙන උළෙල පැවැත්වෙන්නේ එළඹෙන මාර්තු 23 වැනිදා ය.

ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය කළ කූඹීයෝ ලැබූ නිර්දේශ පහතින්,

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය – ප්‍රියන්ත එස්. වන්නිනායක

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය – ප්‍රසාද් මංජුල සහ සුරංග ගුණතිලක

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය – ස්ට්‍රයිනර් ඇඩම්ස්

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය – කිංස්ලි රාජපක්ෂ, ප්‍රදීප වදකාරගෙදර සහ රන්ජන් සෙනවිරත්න

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය – දමිත චන්ද්‍රසිරි

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය – අචල සොලමන්ස්

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා – ඇන්ඩෘ පුල්ලේ (ටිරාන්)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා – කලණ ගුණසේකර (ප්‍රියන්ත මහඋල්පතගම)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය – යුරේනි නොෂිකා (හිරුනි ජයවර්ධන)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය – ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා – තුමිඳු දොඩන්තැන්න (ජෙහාන්)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – ලක්මාල් ධර්මරත්න

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය – අසංක දොඩන්තැන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here