අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ

0
40
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ

ගැහැනුන්ට වඩා සමාජයේදි තැලිලා පොඩිවෙලා කුණු බැනුම් අහලා හෙම්බත්වෙන්නේ පිරිමි. ඒක බහුතර ගැහැනුන්ට තේරුම්ගන්න බෑ…. මොකද පිරිමියා ඒක කියව කියව ඉන්නේ නෑ, අඬන්නේ නෑ, පෙන්නන්නේ නෑ…. බිරිදගේ දුවගේ ආදරණීය හිනාවක් වෙනුවෙන් අර පීඩා ඔක්කොම දරාගන්නවා මිසක්…. හම්බ කරලා ගන්න සොච්චම් පඩියෙන් වැඩි ප්‍රමාණයක් රටේ බදු ටික ගෙවන පිරිමියට අන්තිමට දවසම මැරිලා මැරිලා වැඩකරලා ගෙදර යන ටික මෙච්චරකල් හිරවෙලා යන්න තිබුණ කෝච්චි පෙට්ටියක් හරි තව අඩු වෙලා….

දුප්පත් අහිංසකයන්ගේ රිරීමාංසයම සූරාගෙන කන පාලකයෝ, පරිපූරක ඇස්තමේන්තු දාලා කෝටි ගණන් වල වාහන ගන්නවා. පොඩි මිනිහගේ ඇල්ටෝ එකට ගහනවා…. ඇල්ටොත් නැතුව බඩට හරියට කෑමක් නැතුව ගෙදර පොඩි එකාට රටකජු මුලක් සාක්කුවේ දාගෙන කෝච්චියේ එල්ලෙන්න එන අහිංසක මිනිස්සුන්ට දැන් එක පෙට්ටියක් හරි අඩුවෙනවා…. මෙහෙම එල්ලිලා යන තාත්තා සැමියා සහෝදරයා වැටිලා මැරුණම ඒ පවුල් වල ගැහැනුන්ට ආරක්ෂාව ලැබෙනවද…?

ගැහැනුන්ට වෙන්කරලා තිබුණ පෙට්ටියේ ඉඩ තියෙද්දී ඒකට නැගපු තාත්තා කෙනෙක්ට ඒ පෙට්ටියෙන් බහින්න කියලා තියෙනවා…. යකෝ අසහන කාරයෙක් දෙන්නෙක් හිටියා කියලා හැම පිරිමියම එහෙම වෙන්නේ නෑ…. එහෙම අහුවෙන එකෙක් දෙන්නෙක් අල්ලලා ප්‍රසිද්ධියේ දඬුවම් නොකර උඹලා ගෑනුන්ව ආරක්ෂා කරන්නේ මෙහෙමද?

අවුරුදු 16 ට අඩු ගෑනු ළමයෙක් එයාගේ කැමැත්තෙන් හෝ බලෙන් හෝ ලිංගික සංසර්ගයක් වුනාම ඒක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියනවා…. අවුරුදු 16 ට අඩු පිරිමි ළමයෙක්ට ලිංගික අතවරයක් උනාම පොලිසි වලට උසාවි වලට ගිහින් අහපල්ලා පිරිමි ළමයට සාධාරණයක් කරන්න නීතියක් මේ රටේ නෑ….

හදපල්ලා එහෙම නීති…. හරිහමන් නීතියක් නැති රටක මේ වගේ ගොබ්බ තීරණ ගන්න පාලකයන්ගේ පවුල් වල එවුන් මෙහෙම දුක්විඳගෙන කෝච්චි වල යනවද?

ගැහැනියට ආරක්ෂාව තියෙන්නේ පිරිමි ඉන්න තැනක…. නිකමට හරි ඔය ගෑනුන්ට වෙන්වෙච්ච පෙට්ටියට නගින්න ගිහින් ගෑනියෙක් කෝච්චියත් රේල් පාරත් අතරට වැ‍ටුනොත් එක ගෑනියෙක් බහීද තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන අර ගෑනිව බේරගන්න…?

පිරිමියා උපතින්ම (ස්වාභාවිකවම) ගැහැනියට වඩා ශක්තිමත් තමයි…. ඒක එහෙමයි කියලා මේ තරම් දුක් දෙන්න එපා…. අහන්න තියෙන්නේ මෙච්චරයි….

අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ….?


නිපුන කෞශ්‍යාල්
පළමු ඡායාරූපය – ෂෙහාන් ගුණසේකර

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here