බාල බෙහෙත් වැඩි මිලට ගෙන්වලා, කෝටි 400ක වංචාවක් කළේයැයි ඇමති රාජිතට විරුද්දව පැමිණිල්ලක්

0
19
බාල බෙහෙත් වැඩි මිලට ගෙන්වලා, කෝටි 400ක වංචාවක් කළේයැයි ඇමති රාජිතට විරුද්දව පැමිණිල්ලක්

යහපාලන රජයේ සිදුවූ අසල අක්‍රමිකතා හා වංචා දූෂණ සොයා බැලීමට පත්කල ජනාධිපති විමර්ෂණ කොමිශන් සභාවට සෞඛ්‍ය ඇමතිවරයාට හා ඖෂධ නිතිගත සංස්ථාවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වේ.

මෙරටට ඹෟෂධ ගෙන්වනු ලබන පුද්ගලික සමාගමක් මගින් මෙම පැමිණිල්ල පසුගිය දා (07) අදාල කොමිසමට භාර දී ඇත.

පියයුරු පිළිකා රෝගින් සදහා දැනට භාවිතා කරන තත්වයෙන් බාල බෙහෙත් වැඩිමිලට ගෙන්වීම සම්බන්දයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර පැමිණිලි කාර සමාගම පවසන්නේ මේ සදහා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සෘජුවම සම්බන්ධ බවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ආශිර්වාදයද ඔහුට හිමිව ඇතයි අදාල සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නුවන් චාමර ‍ෆොන්සේකා මහතා සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් නියමිත පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍ය ඇමතිවරයා හා රාජ්‍ය ඖෂධ සංස්තාවේ සභාපතිවරයාට එරෙහිව පියවර ගන්නැයි නිවුන් චාමර සිල්වා මහතා කොමිසමට කල සිය පැමිණිල්ල ලිඛිත පැමිණිල්ලෙන් ඉල්ලා සිටි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ගිමෙන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාද පාර්ගිමේන්තු අයවැය විවාධයට එක්වෙමින් මේ සම්බන්ධවයෙන් ප්‍රශ්ණ කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ පිටුපස මහා පරිමාණ මුදල් ජාවාරමක් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here