සත්ත්ව හා ශාඛ 1,200ක් වඳවීමේ තර්ජනයක

0
19
සත්ත්ව හා ශාඛ 1,200ක් වඳවීමේ තර්ජනයක

ලොව පුරා සත්ත්ව හා ශාඛ විශේෂ 1,200ක් මුළුමනින්ම වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි හෙළිවී තිබේ.

ඒ ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පිරිසක් සිදුකළ පර්යේෂණයකින්. වනජීවී සංරක්ෂණ සංවිධානයක් සමඟ ඒකාබද්ධව එය සිදු කෙරිණ. පරිසර පද්ධතිවලට සිදුවන හානි ශාඛ හා සතුන් වඳවී යාමට මූලිකවම බලපාන බවයි අනාවරණය වී තිබෙන්නේ.

කෘෂිකර්මාන්තය, නාගරීකරණය සහ රාත්‍රී විදුලි ආලෝක පද්ධති, මහා මාර්ග, දුම්රිය මාර්ග ආදී ඉදිකිරීම් තිරසාර නොවන අන්දමින් ක්‍රියාත්මක කිරීම, මීට බලපාන ප්‍රධාන හේතු සාධක වෙයි. එම නිසා මිහිතලය මත ශාඛ හා සත්ව විශේෂ බරපතල අවදානම් තත්වයකට මුහුණපා සිටින බව අදාළ වාර්තාවේ සඳහන් වෙනවා. සාමූහික වශයෙන් ශාඛ හා සත්ව විශේෂ වඳවීයාමේ මේ වන විට 6වන අදියර දක්වා උග්‍ර වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here