වතු කම්කරුවන්ට පානීය ජලයත් ගැටළුවක්

0
17
වතු කම්කරුවන්ට පානීය ජලයත් ගැටළුවක්

තමන් වසර ගණනාවක සිට පානිය ජලය ලබා ගන්නා ප්‍රධාන ජල මුලාශයක් හරස් කරමින් පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට ජලය ලබා ගැනිමට උත්සහ කරන බව පවසමින් වතු කම්කරුවන් විශාල පිරිසක් එම තේ කර්මාන්ත ශාලාව වටලා ඊයේ(13) උදැසනට සිට උද්ඝෝෂනයක් ආරම්භ කර තිබුණා.

ඒ නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් බිලින්කිබොනි වතු යායේ අලුතින් ඉදිකර තිබෙන තේ පෙති වශයෙන් නිෂ්පාදනය කරනු ලබන පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදීයි.

එම තේ කර්මාන්ත ශාලාවට ඉහලින් කඳු මුදුනේ සිට පහළට ගලා බසින ප්‍රධාන ජල මූලාශ්‍රයක් හරස් කරමින් පහලට ගලා බසින ජලය එම තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා ලබා ගැනිමට අදාළ කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය මේ දිනවල කටයුතු කරමින් සිටින බවත්, එහි නිෂ්පාදනය කරනු ලබන විශේෂ තේ පෙති සඳහා විශාල ජල ප්‍රමාණයක් දිනකට අවශ්‍යය බවත්, තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා තමන් මෙතෙක් පානිය ජලය ලබා ගත් ජල මුලාශ වල ජලය ලබාදිමෙන් තමන් ගැටළු රැසකට මැදිවන බවත් උද්ඝෝෂණයේ නිරත වී සිටින්නන් පවසා සිටිනවා.

බිලින්කිබොනි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාව අවට වතු කිහිපයකම ජනතාව එම තේ කර්මාන්ත ශාලාවට ඉහලින් පහලට ගලා බසිනා ජලය, පානිය ජලය වශයෙන් සහ අනෙකුත් දෛනික ජල අවශ්‍යතාවයන් සපුරා ගනු ලබයි.

වතු කම්කරුවන්ගේ උද්ඝෝෂනය හේතුවෙන් එම තේ කර්මාන්ත ශාලාවට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබුණි.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here