කෑම වේල පරක්කුවට ‘ගැබිණි මවට සහ අවහන්හලට පහරදුන්’ දේශපාලන නායකයා

0
11
කෑම වේල පරක්කුවට 'ගැබිණි මවට සහ අවහන්හලට පහරදුන්' දේශපාලන නායකයා

ඇණවුම් කළ ආහාරය ලබාදීම ප‍්‍රමාදවීම නිසා කෝපයට පත්ව එහි හිමිකරුට හා ඔහුගේ බිරිඳ වන අටමස් ගැබිණි මවකට පහරදෙමින් අවන්හලේ භාණ්ඩවලට පහර දුන් සිද්ධියක් පිළිබඳව හබරණ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කැකිරාව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු සභාවේ කැබ් රියකින් පැමිණ මෙලෙස පහරදී ඇති බව වාර්තා වෙනවා.

පස්වරු 5.00 ට පමණ කැබ් රියෙන් පැමිණ ඇති සභාපතිවරයා වාහනයේ අසුනේ සිටියදීම අවන්හලේ එම අවසථාවේ සිටි වියපත් කෙනෙකුගෙන් කට ගැස්මක් ඇත්දැයි විමසා ඇති අතර එවැනි දේවල් අලෙවි කිරීමට නොමැති බව පැවසීමෙන් පසු මුදල් නොගෙවා Fried Rice එකක් ඇනවුම් කර ඔවුන් පැමිණි කැබ් රිය පිටත්ව ගොස් තිබෙනවා.

එහි හිමිකරු ආහාර පිළියෙළ කර පැය තුනක් පමණ කාලයක් ගිය පසු සභාපතිවරයා ඇතුළු පිරිස නොපැමිණීම නිසා වෙනත් අයෙකුට එය අලෙවිකර තිබෙනවා.

රාත‍්‍රී 8.40 ට පමණ අධික ලෙස බීමත්ව පැමිණ ඇති සභාපතිවරයා ඇනවුම් කරන ලද ආහාර ඉල්ලා ඇති අතර සභාපතිවරයා පැමිණීම ප‍්‍රමාදවීම නිසා එය අලෙවි කළ බව පැවසීමත් සමග අටමස් ගැබිණි මවටද දැඩි ලෙස පරුෂ වචනයෙන් බැන වැදී පහර එල්ල කර අවන්හල් හිමිකරු මැදිහත්වීමෙන් පසු ඔහුටද පරුෂ වචනයෙන් බැන වැදී පහරදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here