සැත්කමක් අතරේ වෛද්‍යවරයා හෙදියට පහර දීලා – හෙදියටත් සැත්කමක්

0
30
සැත්කමක් අතරේ වෛද්‍යවරයා හෙදියට පහර දීලා - හෙදියටත් සැත්කමක්

කුරුණෑගල මහ රෝහලෙහි ශල්‍යාගාරයක් තුල ශල්‍යකර්මයක් සිදු කෙරෙමින් සිටියදී එහි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔහු සමග ශල්‍යකර්මයේ සහායිකාවක ලෙස කටයුතු කරමින් සිටි හෙදියකට “බෝන් කටර්” නමැති උපකරණයකින් පහර දී තිබෙනවා.

එම පහර දීමෙන් හෙදියගේ හිසට තුවාල සිදු වීමෙන් ඇය එම රෝහලෙහිම ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇති බව වාර්තා වෙනවා.

පසුගියදා (12) සවස සිදුව ඇති මෙම පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ මාධවී රාජගුරු නමැති හෙදියක් වන අතර පහර දීම නිසා ඇගේ හිසට සිදුවූ තුවාල සදහා ශල්‍යකර්මයක් සිදු කල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙම පහර දීම සිදුව ඇත්තේ ශල්‍යකර්මය සිදු කෙරෙමින් තිබෙන අතරතුර වෛද්‍යවරයා විසින් බෝන් කටර් නමැති උපකරණය භාවිතා කිරීමෙන් පසුව එය රෝගියාගේ ඇඳ මත තබා එය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට හෙදියට දැනුම් දීමෙන් පසුව,

එම උපකරණය රැගෙන තමා අතෙහිවූ බන්දේසිය මත තබා ගත බවත් එම ක්‍රියාවට උරණවූ වෛද්‍යවරයා විසින් එකී උපකරණයම රැගෙන තමාගේ හිසට පහර එල්ල කල බවත් සිද්ධියෙන් තුවාල ලැබූ හෙදිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here