හදවත රැගෙන යන චිත්‍රපටයක් ළඟදීම

0
30
හදවත රැගෙන යන චිත්‍රපටයක් ළඟදීම

නුවන් ජයතිලකගේ අධ්‍යක්ෂණයෙන් මායා නවගත්තේගමගේ නිෂ්පාදනයෙන් සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය මාර්තු මාසයේ 22 සිට ශ්‍රී ලංකාව පුරා සිනමා ශාලා ආක්‍රමණය කිරීමට සූදානමින් ඉන්නවා.

බැලුවට අපරාදේ කියලා හිතෙන ෆිල්ම්ස් හැදෙන කාලෙක මේ චිත්‍රපටය උඩුගම් බලා පිහිනීමක් වගේ අභියෝගයක් එක්ක, ආයෙත් වතාවක් බලන්න හිතෙන මට්ටමේ නිර්මාණයක් වෙනවාට සැකයක් නැහැ.

ලංකාවේ සුන්දරම පරිසර පද්ධතියක් වන මීමුරේ ගම්මානය ආශ්‍රිතව රූපගත කර තිබෙන මේ චිත්‍රපටයේ අයිරාංගනී සේරසිංහ, සුරංගා රණවක, ප්‍රියංකර රත්නායක, සුජීව ප්‍රියලාල් වගේ ප්‍රවීණ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඉතින් ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ තවත් එක සන්ධිස්ථානයක් සහ වෙනස්ම නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන් මේ චිත්‍රපටය, ඔබගේ හදවත රැගෙන යන සිනමා නිර්මාණයක් වේවි….

එහෙනං ෆිල්ම් එක බලන්න ලැස්ති වෙලා ඉන්න….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here