ශ්‍රී පාද වන්දනාකරුවන් නිසිලෙස කසල බැහැර නොකිරීම නිසා හැටන් දුම්රිය ස්ථානයේ දැඩි පාරිසරික ගැටළුවක්

0
23
ශ්‍රී පාද වන්දනාකරුවන් නිසිලෙස කසල බැහැර නොකිරීම නිසා හැටන් දුම්රිය ස්ථානයේ දැඩි පාරිසරික ගැටළුවක්

හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව අසල දුම්රිය මගින් හා ශ්‍රි පාද වන්දනාකරුවන් බැහැර කර ඇති කැලි කසල මාස ගණනාවක් තිස්සේ එම ස්ථානයෙන් ඉවත් නොකිරිම හේතුවෙන් පරිසර ගැටළු රැසක් මතු වි ඇති බව ශ්‍රි පාද වන්දනාකරුවන් පවසයි.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය වන්දනා කිරිමට දුම්රියෙන් දිනපතා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙන අතර එසේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවක්ද විවෘතව පවතියි.

එම වන්දනාකරුවන් රැගෙන එන ආහාර පාන විශ්‍රාම ශාලාවේ දි අනුභව කර ඉවතලන අපද්‍රව්‍යය වන්දනාකරුවන් විසින් කැලි කසල බදුන්වලට බැහර කරයි.

දුම්රිය මගින් විසින් හැටන් දුම්රිය අංගණයයේදි බැහර කරන කැලි කසලද දුම්රිය ස්ථානයේ සේවකයන් විසින් විශ්‍රාම ශාලාව අසලට රැ‍ගෙන ගොස් එම ස්ථානයේ ගොඩ කරනු ලබයි.

මෙසේ බැහැර කරන කැලි කසල මාස ගණනාවක් තිස්සේ හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් ඉවත් කරගෙන නොයැම හේතුවෙන් පරිසර ගැටළු රැසක් සහ හැටන් දුම්රිය ස්ථානය අවට දැඩි දුගන්ධයක් හමන බවද හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින්ද කියා සිටියි.

හැටන් දික්ඔය නගර සභාව මගින් දුම්රිය ස්ථානයේ දිනපතා එක්රැස් වන කැලි කසල රැගෙන නොයෑම නිසා ඇතැම් කැලි කසල දුම්රිය ස්ථානයේම පසක ගොඩ ගසා ගිනි තබා විනාශ කිරිමට පවා සිදු වි ඇති බවයි දුම්රිය ස්ථානයේ සේවකයින් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය හමුවේ හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව අවට නිසි සෞඛ්‍යය පහසුකම් නොමැති බවත්, පවතින දුගන්ධය හමුවේ තමන් රැගෙන ආහාර පාන පවා විශ්‍රාම ශාලාවේ රැඳී සිටිමින් අනුභව කල නොහැකි තත්ත්වයත් උද්ගත වි ඇති බවයි දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් කියා සිටිනවා.

හැටන් දුම්රිය ස්ථානයේ එක්රැස් වි ඇති කැලි කසල ඉවත් නොකිරිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජනන සෞඛ්‍යය පරික්ෂක රාමයියා බාල ක්‍රිෂ්ණන් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් මෙන්ම මගීන් කැලි කසල වර්ග කර කැලි කසල බදුන්වලට බැහර නොකරන නිසා දුම්රිය ස්ථානයේ එකරැස් වි ඇති කැලි කසල ඉවත් කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.

නගර සභා සේවකයින් යොදවා එක්රැස් වි කැලි කසල වෙන් කර ඉවත්කර ගැනිමට කඩිනමින් කටයුතු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here