රාජ්‍ය සේවය දැඩි අවධානමක…. තවත් වසර දෙකකින් රටට බරපතළ අනතුරක්

0
25
රාජ්‍ය සේවය දැඩි අවධානමක.... තවත් වසර දෙකකින් රටට බරපතළ අනතුරක්

මේ වන විට පුද්ගලයන් 17කට එක් අයෙක් රජයේ සේවකයෙක් බවට පත් වී ඇති හෙයින් එය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව මේ වන විට ණය වාරික ගෙවා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා ඇති හෙයින් ඉදිරියේදී කිසිදු රටක් මෙරටට ණය ලබාදීමට නොපෙළඹෙන බව ද ඔවුන් අවධාරණය කර සිටී.

රාජ්‍ය ආයනතවල සිදුවන මහාපරිමාණ සම්පත් විනාශය හා දිගින් දිගටම පවතින පාඩු ලබන තත්ත්වයත් නිසා රටේ ආර්ථිකයට ඉන් කිසිදු සහනයක් නොලැබෙන බව නොරහසකි.

එවන් පසුබිමක තවදුරටත් දේශපාලන වාසි තකා රාජ්‍ය සේවයට සේවකයන් බඳවා ගැනීම අර්බුදකාරී තත්ත්වයක් බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දේ.

මේ වන විට ගණන් බලා ඇති ආකාරයට මෙරට ආදායමෙන් ණය පොලී ගෙවීමෙන් පසුව ඉතිරි වන්නේ ඉතා සුළු මුදලකි. එහෙයින් ඉදිරියේදී රාජ්‍ය ආයතන බහුතරයක් පෞද්ගලික අංශයට බාර දීම හැර මේ සඳහා වෙනත් විකල්පයක් නොමැති බව අදාළ විශේෂඥයින්ගේ මතය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here