අද සිට නිල වශයෙන් පැය 4ක විදුලි විදුලිය කැපීමක්

0
6
අද සිට නිල වශයෙන් පැය 4ක විදුලි විදුලිය කැපීමක්

අධික විදුලිය ඉල්ලූම හමුවේ ප‍්‍රමාණවත් විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එක් ප‍්‍රදේශයකට දිනකට පැය 04ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීම අද (25) සිට කි‍්‍රයාත්මක වනවා.

මේ අනුව දහවල් කාලයට පැය 03ක් සහ රාති‍්‍ර කාලයට පැය 01ක් ලෙස විදුලිය අත්හිටුවීම සිදුවන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ගුණවර්ධන සඳහන් කර සිටියේ.

ඒ අනුව උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, පස්වරු 2.30 සිට 5.30 දක්වාත් විදුලිය අත්හිටුවනු ලැබේ.

රාති‍්‍ර කාලයට පස්වරු 6.30 සිට 7.30 දක්වාත්, 7.30 සිට 8.30 දක්වාත්, 8.30 සිට 9.30 දක්වාත් විදුලිය අත්හිටවනු ලබයි.

සෙනසුරාදා දිනවල පැය 2.15 ක් පමණක් විදුලිය කපාහැරීම සිදුකිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ අනුව පෙරවරු 8.30 සිට පෙ.ව. 10.45 දක්වාත්, පෙ.ව. 10.45 සිට පස්වරු 1.00 දක්වාත්, පස්වරු 1.00 සිට පස්වරු 3.15 දක්වාත් සහ පස්වරු 3.15 සිට පස්වරු 5.30 දක්වාත් විදුලිය අත්හිටුවනු ලබයි.

ඉරිදා දිනවල විදුලිය කපා හැරීමක් සිදුකරන්නේ නැත.

විදුලිබලය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම 40%ට අඩුව පැවැතීමත් නොරොච්චෝල තාප බලාගාරයේ විදුලි නිෂ්පාදනය මෙගාවොට් 800ක් දක්වා පහළ බැසීමත් මෙම විදුලි සැපයුම අත්හිටුවීමට හේතු වී ඇතැයි ද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.


චමින්ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here