ජනාධිපතිවරණයේ ඡන්ද අපේක්ෂාවෙන් මෛත්‍රිපාල ශිෂ්‍යත්වය අහෝසි කරන්නට යයි

0
25
ජනාධිපතිවරණයේ ඡන්ද අපේක්ෂාවෙන් මෛත්‍රිපාල ශිෂ්‍යත්වය අහෝසි කරන්නට යයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සිය ජනාධිපතිවරණ අභිමුඛ ප‍්‍රචාරක ව්‍යාපාරය සදහා පසුගිය කාලයේ ජනප‍්‍රිය සටන්පාඨයක් වූ 5 ශිෂ්‍යත්වය අහෝසි කිරීම යොදාගන්නට සූදානම් වේ.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපතිවරයා ඊයේ(25) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී ප්‍රකාශ කර ඇත. මේ වනවිට ජනප‍්‍රිය පාසල් වෙනුවෙන් කුඩා දරුවන් බලුපොරයකට යොදවන ක‍්‍රමය 5 ශිෂ්‍යත්ව විභාගයේදී සිදුවන බව ඇත්තක් නමුත් සමස්ත පාසල් අධ්‍යාපනයම සහතික පසුපස යන නිශ්ඵල අරගලයක් ලෙස ළමා ජීවිතය විදවීමක් කර ඇත. 5 ශිෂ්‍යත්වය ආරම්භ කිරීමේ අරමුණ වූයේ ගම්බද පාසල්වල දරුවන්ට නගරයේ වඩා පහසුකම් සහිත පාසල්වල අධ්‍යාපනයට දොරටු විවර කිරීමය. අදවනවිට ජාතික පාසල්වල අධ්‍යාපනය ලැබීමේ තරගයකට දරුවන් යොමුකර ඇති අතර දක්ෂ දරුවන් ලෙස විභාග බලුපොරයේ සමතුන් පමණක් ජනප‍්‍රිය පාසල්වලට යොමුකරවීමේ හැකියාවක් ඇත.

මෙම තත්වය වෙනුවට සමස්ත අධ්‍යාපනයේ වෙනසක් පිළිබද හඩක් අධ්‍යාපනඥයන්, ආචාර්යවරු සහ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් නැගි එන තත්වයක් තුළ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ ඡන්ද අපේක්ෂාවෙන් මෙම විභාගය අහෝසිකරන බව පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here