හෙදියන් ලෙඩ නිවාඩු

0
36
හෙදියන් ලෙඩ නිවාඩු

දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව අද (26) උදෑසන 07.00 සිට එය ක්‍රියාත්මක බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා නොදීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

කෙසේවෙතත් ළමා රෝහල්, කාසල් කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහලේ මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මක නොකරන බවයි ප‍්‍රකාශ කරයි. එමෙන්ම හදිසි ප‍්‍රතිකාර ඒකක සහ දැඩි සත්කාර ඒකක ද මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට එක් නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප‍්‍රකාශ කරයි.

මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ක‍්‍රියාත්මක කරන මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට සිය සහය ලබා නොදෙන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ලේකම් එස්. බී. මැදිවත්ත ප‍්‍රකාශ කළේ හෙද හෙදියන්ගේ ගැටළුවලට විසදුම් ලබා ගැනීම සඳහා ඉදිරියේ දී පොදු හෙද අරගලයක් ආරම්භ කරන බවයි.

මේ අතර සිය ගැටළු සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන ඕනෑම අවස්ථාවක වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හිටුවීමට සුදානම් බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප‍්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here