මං කරපු විදිහට කළා නම් විදුලි අර්බුදයයක් එන්නේ නෑ

0
27
මං කරපු විදිහට කළා නම් විදුලි අර්බුදයයක් එන්නේ නෑ

තම රජය සමයේ නොරොච්චෝලය ඉදි කිරීම සඳහා බාර දුන් චීන ආයතනයට ලබා දුන්නේ නම් මෙවැනි ආකාරයට රට තුළ විදුලි අහේනියක් සිදු නොවන බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

එතුමිය මෙලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වුයේ පසුගියදා(27) ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී කිසිදු නව විදුලි බලාගාරයක් ඉදි නොකළ බවත් රට තුළ ඇති විදුලි බලාගාර ගණනාවක් තම රජය සමයේ ආරම්භ කළ ඒවා බවත් නොරොච්චෝල විදුලි බලාගාරය තුට්ටු දෙකේ චීන ආයතනයකට ලබා දී විනාශ කළ බවත් එතුමිය පෙන්වා දෙයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරය රාජපක්ෂ යුගයේදී විනාශ කළ බවත් නොරොච්චෝලය පසුගිය කාලය තුළ 38 වතාවක් බිඳ වැටී ඇති අතර 7 වතාවක් ගිනි ගෙන ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

විදුලි අර්බුදයට මේ රජයේද වැරද්දක් ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here