නටඹුන් මතුවන තරමටම ජලාශ හිඳී යයි….

0
24

ජලාශවල ජල මට්ටම පහල බසියි, දිය ඇලි සිඳීයාමේ අවදානමක….

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් විශාල ජනතාවක් පීඩාවට පත් වී ඇත. වියලි කාලගුණ තත්ත්වයත් සමග වතුකරයේ පවතින ළිං මෙන්ම ජල මූලාශ්‍ර රැසක් සිදීයාමට ලක්ව තිබේ. මේ අතර මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණ තත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීග්‍ර ලෙස පහත බැස ඇත.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීමත් සමග පැරණි මස්කෙළිය නගරයේ නටඹුන් යලි මතු වි ඇත. එම නටඹුන් අතර හින්දු කෝවිල, බෞද්ධ විහාරස්ථානය, බෝධි ප්‍රාකාරය, ගල් ආරුක්කු පාලම ජලයෙන් ගොඩවී ඇත. එම නටඹුන් දැක බලා ගැනීමට සංචාරකයින් පැමිණෙන අයුරුත් අප හට දැකගැනිමට හැකිවිය. එමෙන්ම කාසල්රි ජලාශයේද ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස ඇත.

මෙම වියලි කාලගුණික තත්ත්වය නිසා දැනටමත් ජනතාව විශාල ලෙස පීඩාවට පත්වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here