පාර්ලිමේන්තුවේදී ඇඳුම් ගලවාගෙන කළ විරෝධතාවය

0
29

මේ ති‍‍යෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය. පසුගියදා(01) පාර්ලිමේන්තු සැසිවාරය අතර එහි ගැලරියට ඇවිල්ලා හිටපු පිරිසක් හදිසියේම තමන්ගේ ඇඳුම් උනා දමා උද්ඝෝෂණයක් ආරම්භ කළා. කෑ කෝ නොගසමින් බඩුමුට්ටු පොඩි නොකරමින් අනෙක් අයට කරදරයක් නොවෙන විදිහට ආරම්භ කරපු මේ උද්ගෝෂණය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් කරපු උද්ගෝෂණයක් නම් නොවෙයි. වර්ථමානයේ සිදුවෙමින් පවතින පෘථීවි උෂ්ණත්වය ඉහළ යාම හා ඒ ආශ්‍රිත අනෙකුත් දේශගුණ වෙනස් වීම පාලනය කළයුතු යැයි කියමින් ඒ වෙනුවෙන් කරපු උද්ගෝෂණයක් මේ.

පිරිමි අය විතරක් නොවෙයි කාන්තාවන් පවා තම ඇඳුම් උනා දමමින් මෙම උද්ගෝෂණයට සහභාගි වුනා. සමහරු තමන්ගේ අත “සුපිරි ගම්වර්ගයකින්” ගැලරියේ වීදුරුවට තියලා අලවා ගත්තේ ආරක්ෂක අංශ වලින් ඇවිත් ඒ අයව එතනින් අයින් කරන්න අපහසු වන විදිහට. උද්ගෝෂණයට සහභාගි වුනු දෙදෙනෙක් අලුපාටින් තමන්ගේ ශරීරය වර්ණ ගන්වාගෙන අලියෙකුගේ මුහුණක් සහිත වෙස් මූණක් පැළඳගෙන හිටියේ ලෝකයේ ජීවත් වන අලි ඇතුන් නියෝජනය වෙන විදිහට. SOS(save our souls) සහ Stop Wasting Time! කියලා ඇඟපුරාම ලියාගෙන හිටපු මෙයාලා හිටියේ පාර්ලිමේතුවේ කථානායක ඇතුළු ඇමති මණ්ඩලයට තමන්ගේ “පස්ස” පේන විදිහට.


හසිත හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here