අසමසම වෙඩික්කරු නීරෝ වෙනුවෙන් ලංකාවෙන් වීඩියෝ ගේම් එකක්

0
31
අසමසම වෙඩික්කරු නීරෝ වෙනුවෙන් ලංකාවෙන් වීඩියෝ ගේම් එකක්

Ranjith Madalana නම ටිකක් නුහුරු නමක් විය හැකි ඔබට. එහෙත් අසමසම වෙඩික්කරු නීරෝ කිව්වොත් ලංකාවේ නොදන්නා කෙනෙක් නැහැ . ඉතින් ඔහු අලලා වීඩියෝ ගේම් එකක් නිකුත් කිරීමට පසු ගිය කාලයේ ජනප්‍රිය වූ කංඡායුධ පරිගණක ක්‍රීඩාවේ නිෂ්පාදකයන් වන Arimac ආයතනය ඔවුන්ගේ නවතම පරිගණක ක්‍රීඩාව වන “නීරෝ” ළඟදීම එළි දැක්වීමට නියමිතයි.

තවමත් මෙහි නිෂ්පාදනයන් අවසන් නොමැති වුවත්, පසුගිය දිනවල ඔවුන් මෙම පරිගණක ක්‍රීඩාවේ අන්තර්ගතයන් දැක්වෙන වීඩියෝ කිහිපයක් එළි දක්වා තිබුණා.

මෙය සිංහල භාෂාවෙන් හඬ කවා ඇති අතර ඔවුන්ගේ ෆේස් බුක් පිටුවට අනුව Arimac ආයතනය මෙම Nero ගේම් එක නිෂ්පාදනය සඳහා විශාල පිරිවැයක් දරා ඇති බව සඳහන්.

මෙම වසරේ තවත් මාස කිහිපයකින් “නීරෝ” පරිගණක ක්‍රීඩාව අප සැමට ලබා ගත හැකි වේවි යැයි විශ්වාස කරන අතර මෙම පරිගණක ක්‍රීඩාව ලොව ප්‍රමුඛ Game Engine එකක් වන Unreal Engine භාවිතයෙන් නිමකර ඇති බව පෙනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here