ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය අද

0
19
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය අද

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද(11) ආරම්භ වේ. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙයයි.

මහ මැතිවරණය ලබන මැයි මස 19 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. මැයි 23 වැනිදා ඡන්ද ගණන් කිරීම අවසන් කර, ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගැනේ. ඡන්ද දායකයින් කෝටි 90ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව වාර්තා වේ.

ඉන්දීය පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය. මැතිවරණයේ පළමු දින 7 අවසන් වෙද්දී ප්‍රාන්ත 20ක ආසන හිමිකර ගනුයේ කවුරුන්දැයි, තීරණය වනු ඇත. මැතිවරණ කාලසීමාව තුළ දී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් ආරක්ෂක තත්වය ඉහළ නැංවීමට ඉන්දියානු රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here