අවුරුදු සමයේ, බීමත් රියදුරන් ඇල්ලීමට විශේෂ මෙහෙයුම් අද ඉඳලා

0
22

බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් අද (11) සිට ආරම්භ කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

අවුරුදු සමය තුළ දිවයින පුරාම සිදු කෙරෙන මෙම මෙහෙයුම් අප්‍රේල් 20 වනදා දක්වා ක්‍රියාත්මකය.

මෙහිදී අත් අඩංගුවට ගන්නා රියදුරන් අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කෙරෙන හෙයින් බීමතින් රිය පැදවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ වසරේ පළමු මාස දෙක තුළ පමණක් බීමත් රියදුරන් 19,242ක් අත් අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here