සරම්ප රෝගීන්ගේ වැඩි වීමක්

0
21
සරම්ප රෝගීන්ගේ වැඩි වීමක්

2019 වසරේ මුල් මාස තුන තුළ ලොව පුරා වාර්තා වූ සරම්ප රෝගීන් සංඛ්‍යාව පසුගිය වසර හා සසඳන විට තුන් ගුණයකින් වැඩි වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දක්ත පෙන්වා දෙයි.

ලෝකයේ සරම්ප රෝගය පැතිර පවතින ප්‍රදේශ ගත් විට එහි “පැහැදිලි වැඩිවීමක්” පෙන්නුම් කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

රෝගීන් දහදෙනකුගෙන් එක් අයෙක් පමණක් වාර්තා වන නිසා නිවැරදි රෝගීන් සංඛ්‍යාව පෙන්වන දක්ත වලට වඩා වැඩි විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් පවසා සිටියේ.

සරම්ප යනු සමහර අවස්ථාවල බරපතල සෞඛ්‍ය සංකූළතා ඇති කරන වෛරස් රෝගයකි. එය පෙනහළු හා මොළය ඇතුළු බොහෝ අවයව ආසාදනය කිරීමට සමත් වේ.

පවතින දක්ත අනුව අප්‍රිකාවේ රෝගීන් 700% දක්වා ඉහළ ගොස් තිබේ. යුක්රේනය, මැඩගස්කරය සහ ඉන්දියාව මෙම රෝගය දරුණු ලෙස පැතිර ඇති අතර රෝගීන් මිලියන දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here