ආහාර විෂ වීමකින්, මස්කෙලියේ පුද්ගලයින් හතලිස් දෙනෙකු රෝහල් ගත කෙරේ

0
31
ආහාර විෂ වීමකින්, මස්කෙලියේ පුද්ගලයින් හතලිස් දෙනෙකු රෝහල් ගත කෙරේ

නල්ලතන්නිය ලක්ෂපාණ වතුයායේ වතු කම්කරුවන් හතලිස් දෙනෙකු මස්කෙලිය රෝහලට අතුලත් කර තිබෙනවා. ලක්ෂපාණ වතුයායේ හින්දු කෝවීලේ වාර්ශික තේරු උත්සවය අනතුරුව ලබ දුන් ආහාර විෂ විමෙන් ළමයින් ඇතුලු පුද්ගලයින් හතලිස් දෙනෙකු රෝහල් ගත කර ඇත.

තේරු උත්සවය පෙරේදා (19) පැවැත්විමෙන් පසු බැතිමතුන්ට දිවා ආහාරය කෝවීලෙන් සපයනු ලබයි. එම ආහාර අනුභව කිරිමෙන් පසුව පෙරේදා රාත්‍රියේ අසාධ්‍යය වි මස්කෙලිය රෝහලට ඇතුලත් කර ඇත එම රෝගීන්ට වමනය සහ පාචනය ඇති බවත් රෝගින්ගේ තත්වය බරපතල නොවන බවත් මස්කෙලිය රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබිණ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here