කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බය පුපුරා නොයෑමෙන් ජීවිත ගණනක් බේරෙයි

0
24
කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බය පුපුරා නොයෑමෙන් ජීවිත ගණනක් බේරෙයි.

දෙහිවල නවාතැන්පොලකදී සිය බෝම්බය පුපුරවාගෙන මියගියේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බව සීසීටීවී දර්ශනවලට අනුව මුලික විමර්ශ්‍නවලදී පැහැදිලිවී තිබේ.

මහනුවර වළම්බඩ පදිංචිකරුවකුවන අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් තව්හිත් ජමාන් සාමාජිකන් සමග ප්‍රහාරයේ සැළසුමට කොළඹට පැමිණ , ප්‍රහාරයට පෙරදින රාත්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය සමග ටාජ් සමුද්‍ර හෝටලයේ නවාතැන්ගෙන ඇත.

අදාල ප්‍රහාර මාලාව ක්‍රියාත්මකවන වේලාවටම උදෑසන 9.00 – 9.30 අතර ටාජ් සමුද්‍ර ආලින්දයට පැමිණෙන ජමීල් සිය බෝම්බ බෑගයේ වු පටිය කිහිප වතාවක් ඇද තිබේ. ඊට අදාල සීසීටීවි දර්ශ්‍න පටිගතවී තිබෙන බව සදහන්ය.

නමුත් බෝම්බය පුපුරා නොයෑම නිසා ජමීල් නැවත කුලී රථයක නැගී දෙහිවල නවාතැන්පොළට ගොස් ඇත.

බෝම්බය පුපුරායාමේ ප්‍රමාදයෙන් තමන් අත්අඩංගුවට පත්වේයැයි සැකයෙන් ජමීල් නවාතැන්පොළට ගොස් නැවත බෝම්බය සක්‍රිය කිරීමට වෙහෙසවන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පහළ කරයි.


කවීෂ නදුන් කග්ගොඩආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here