අන්තවාදියා, අන්තවාදියාමය….

0
22
අන්තවාදියා, අන්තවාදියාමය....

ජාති, ආගම් වාදයට මම විරුද්ධයි වගේම, මේ ඇතිවී තිබෙන සහ ඇතිවුනු මුස්ලිම් අන්තවාදයට මෙන්ම සියලුම අන්තවාදී ක්‍රියාකාරකම් සහ අදහස්වලටද අප විරුද්ධය….

නමුත් මේ දේවල් හා ඥානසාර චීවරධාරී තැන සම්බන්ධකර facebook හි ලියනනන් කියන,

“අපේ හාමුදුරුවෝ කලින්ම මේවා කිව්වා”

“එහෙම කිව්වම අපේ හාමුදුරුවන්ව හිරේ දැම්මා”

වැනි දේවල් කිව්වාට හිරේ දැම්මේ මේවා ගැන කතා කලාට නොව, උසාවියට අපහාස කලාටය….

එමෙන්ම තවත් කරුණු කිහිපයකට ඔහු චෝදනා ලබා හෝ වරදකරු වී ඇත. ඒ,
ලංකාවෙ විවිධ ප්‍රදේශ වල ජාතිවාදී කලබල ඇති කිරීම, බීමත්ව රිය පැදවීමට වරදකරු වීමට මෙන්ම අතුරුදහන් වූ මාධවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කිරීම් වැනි දෑය….


ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථානයකට ගොඩ වැදී එයට අලාභ හානි කොට එහි දේව ගැතිවරයාට පහර දී තර්ජනය කොට බිය වැද්දීම, මාලඹේ ප්‍රදේශයේ කතෝලික යාච්ඥා මධ්‍යස්ථානයකට අලාභ හානි සිදු කිරීම, 2015 වසරේ පාප් වහන්සේගේ ලංකා ගමනයේ දී ගල් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීම හා කතෝලික ජනයා හා බෞද්ධ ජනයා අතර පවතින සහසම්බන්ධය බිඳ වට්ටවාලීමට ගෙන ගිය කුමන්ත්‍රණකාරී ක්‍රියා පිළිවෙත ක්‍රියාත්මක වූයේද මේ චීවරධාරී තැනගේ අනුදැනුමින්ය.

බොදුබල සේනාවට සහ ඥානසාර කුමන වරද කලත් හරි යයි කියන පිරිස දැන් දැන් එම වැරදි සාධාරණය කිරීමට, පහර දුන්නේ කතෝලිකයන් හෝ ක්‍රිස්තියානින්ට නොව ඉවැන්ජලිකන් අයට යයි කියති. නමුත් කතෝලිකයන්ට හිරිහැර කිරීම්, අපහාස කිරීම් සහ පාප් වහන්සේ ලංකාවට පැමිණීමේදී ගල් ගැසීමට සැලසුම් කිරීම සහ පාප්වහන්සේ රාජ්‍ය නායකයෙකු ලෙස පමණක් සලකා බෞද්ධ ආගමික නායකයන්ට උන්වහන්සේව හමුවීම වැලක්වීමට විවිධ යෝජනා සැකසීම මෙන්ම එකල සමාජ මාධ්‍යයන්හි ඊට විරුද්ධව ඇතිකල රැල්ල පිළිබඳවද පැහැදිලි සාක්ෂි ඇත. කෙසේ වෙතත් ඉවැන්ජලික ආගමික පුද්ගලයන්ටවත් පහර දීමට ඥානසාරට හෝ කිසිවෙකුට අයිතියක් නැත. එසේ කර ඇති නම් එයත් වරදක් බව මතක් කල යුතුය.

ඉහත කරුණු අනුව කතෝලික ජනතාවට ඔහුගෙන් හිරිහැර සිදුවී තිබුනි.

එවිට “අපේ හාමුදුරුවෝ මේවා කලින් කිව්වා” වෙනුවට “මේවා කලින් කලා” කිව්වා නම් වඩා සුදුසුය.

ගලගොඩඅත්තේ ඥානසාර යනු වීරයෙකු හෝ අනාගතය දුටුවෙකු ලෙස හඳුන්වන්නට අප ඉක්මන් නොවන අතර උන්මත්තකයන්ද නොවෙමු. මන්ද ඔහු මුස්ලිම් අන්තවාදීන් තරමටම දරුණු නැතත්, සිංහල බෞද්ධ නොවන අනෙක් ආගමික හා ජාතීන් නොරිස්සූ ‘සිංහල බෞද්ධ අන්තවාදියෙකි’….

අනෙක් ජාතීන් මෙන්ම ආගමිකයන්ගේ විවිධත්වය සහ සංස්කෘතිය ඉවසීමට නොහැකි ‘ජාතිවාදී මානසික රෝගියෙකි’,

එම නිසා මේ අවස්තාවේදී තවත් නැති ප්‍රශ්න ඇති නොකර, ජාති වාදීන් උත්තේජනය නොකර සාමකාමීබව ආරක්ෂා කරන්නේ නම් එය වටින්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here