මේක නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක්…. ආරක්ෂක ව්‍යුහයේ දුර්වලතා නිසා සිදුවූ බව කනගාටුවෙන් දැන්විය යුතුයි

0
17

නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස අන්තවාදී මුස්ලිම් සංවිධානයක් සිදු කළ ප්‍රහාරයක්. තව්හිඩ් ජමාඩ් සංවිධානය හා ජේඑම්අයි සංවිධානය අතර සම්බන්ධයක් තිබෙන බව සොයාගෙන ඇත. ආරක්ෂක ව්‍යුහයේ දුර්වලතා නිසා සිදුවූ බව කනගාටුවෙන් දැන්විය යුතුයි. බුද්ධි අංශ මේ ගැන දැනුවත් වුවත් නිලධාරීන් කිහිප දෙනෙකු අතර පමණයි තොරතුරු හුවමාරුවී ඇත්තේ. මෙය ආරක්ෂක රාජ්‍ය ඇමති වන මට හා අගමැති දැනුවත් වුනේ නැහැ. එසේම ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් මෙම බුද්ධි තොරතුරු ලැබී නැහැ. ජනපති තුමා විදේශ සංචාරයක සිටියදී මේ තොරතුරු අගමැතිට හෝ මට ප්‍රකාශ නොකළේ මන්දැයි ගැටලුවකි. මට හෝ අගමැතිට ආරක්ෂක මණ්ඩල රැස්වීම වලටද පසුගිය කාලයේ ආරාධනා ලැබුනේ නැත. මේ ගැන පරීක්ෂණයක් පවත්වන්නත් ජනපති දැනුම් දුන්නා.

යයි අමාත්‍ය රුවන් විජේවර්ධන පවසා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here