බුර්කාව තහනම් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්

0
28
බුර්කාව තහනම් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්

රටේ පවතින ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන් බුර්කාව තහනම් කිරීමට සලකා බැලිය යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ පවසයි.

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම යොජනාව ගෙන එන බව තම ෆේස්බුක් ගිණුමෙහි සටහනත් සතබමින් මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බුර්කාව උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන් ත‍්‍රස්ත කි‍්‍රයාවල නිරත වන බවයි.

මෙරට මුස්ලිම් දේශපාලන නායකයින්ද බුර්කාව සාම්ප‍්‍රදායික මුස්ලිම් ඇදුමක් නොවන බව පිළිගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ඇතැම් ස්ථානවලට බුර්කාව ඉවත් කර ඇතුල් වන ලෙසට දන්වා ඇති බවද මන්තී‍්‍රවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව පහතින් දැක් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here