පොහොට්ටු මන්ත්‍රී පියල් නිශාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුමයි

0
26
පොහොට්ටු මන්ත්‍රී පියල් නිශාන්ත අම්පාර ගැටුම ගැන මාධ්‍ය හමුවේ බොරු කියයි

ආරක්ෂක අංශ සහ සන්නද්ධ කණ්ඩායමක් අතර ඊයේ(26) රාත්‍රියේ කල්මුණේදී සිදුවූ වෙඩි හුවාමරුව අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයන් 11ක් මියගොස් ඇති බවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත රූපවාහිනී මාධ්‍යකදී ප්‍රකාශ කිරීම සම්බන්දයෙන් මේවන විට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අදාල ගැටුමේදී ආරක්ෂක අංශ වලට හානියක් සිදුව නැති බවට පොලිස් මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනතාව තිගැස්මට ලක්ව සිටින මෙවන් අවස්ථාවක දේශපාලකයන් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දැකිය යුතු බව බොහෝ පිරිසකගේ අදහස වී ඇත.

එමෙන්ම රජය විසින් ප්‍රකාශ කර තිබුනේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට විරුද්ධව දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here