මෙන්න විශේෂ නිවේදනයක්

0
21
මෙන්න විශේෂ නිවේදනයක්

ඉකුත් පාස්‌කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් මරුමුවට පත් සියලුම කිතුනු බැතිමතුන් වෙනුවෙන් යාඥ කරන්නයැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා දිවයුන පුරා මිසම් වෙත දැනුම්දීමක්‌ කර තිබෙනවා.

දෙව්මැඳුරු තුළ දිව්‍ය පූජාවන් පවත්වනවාට වඩා එම මළවුන් වෙනුවෙන් රටපුරාම කිතුනුවෝ සිය නිවෙස්‌වල මළවුන් සිහිපත් කර යාඥ කරන ලෙසයි අගරදගුරු මැඳුර දැනුම්දීමක්‌ කර ඇත්තේ.

මේ අතර දැනට උද්ගත වී තිබෙන තත්ත්වය අනුව ඉරුදින දේව මෙහෙයන් යළි දැනුම්දෙන තුරු නවතා තිබෙන බවද එම දේව මෙහෙයන් කතෝලික රූපවාහිනිය වන “වෙර්බුම්” මගින් සහ හිරු TV නාළිකාව මගින්ද විකාශනය කරනු ඇතැයි කාදිනල්තුමා සඳහන් කර සිටිනවා.

දිව්‍ය පූජාවන්ට අමතරව වෙනත් කිසිඳු ආගමික වතාවත් වලට කිසිඳු දේවස්ථානයකට නැවත දැනුම්දෙන තුරු එකමුතු නොවන ලෙසත්, මේ පිළිබඳව දේවස්ථාන මඟින් හෝ මාධ්‍ය මගින් දැනුවත් නොවුණු පුද්ගලයන් සිටීනම් දැනුවත් කරන ලෙසත් අප ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here