තවත් ISIS ප‍්‍රහාර අවදානමක්

0
19
තවත් ISIS ප‍්‍රහාර අවදානමක්

මෙරට රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී ඇති බව සෞදි රජයේ රූපවාහිනි සේවාව නිවේදනය කර ඇත.

ඉකුත් පාස්කු ඉරිදා පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතිවී තිබෙන වත්මන් ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති බව ගල්ෆ් නිව්ස් සේවය වාර්තා කර සිටී.

ඉදිරියේ දී මෙරට තුළ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් යළිත් වරක් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය විසින් රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයෙන් පසු සෞදි තානාපති කාර්යාලය වත්මන් ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here