වෙසක් සතිය අහෝසි කරයි

0
21
වෙසක් සතිය අහෝසි කරයි

මෙවර වෙසක් සතියක් ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කරන ලදැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ පස්වරුවේ රැස්වූ බෞද්ධ කටයුතු උපදේශක සභාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.

වෙසක් පොහොය නිමිත්තෙන් තොරණ, දන්සල් ඇතුළු කටයුතු සංවිධාන කරන්නේ නම් ඒ සඳහා ආරක්ෂක අංශවල උපදෙස් ලබා ගත යුතු බවටයි එහිදී තීරණය කර තිබෙන්නේ. එසේම දිවයින පුරා විහාරස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර වෙසක් ජාතික උත්සවය ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here