ජාතික ආරක්ෂාව ගැන තවමත් සෑහීමකට පත්වෙන්නේ නැහැ…. සමහරවිට කතෝලික පාසල් ආරම්භය වෙසක් වලිනුත් පසුවට….

0
26

ආරක්ෂක තත්වය පිළිබද සෑහීමකට පත්විය හැකි නම් මැයි 14 කතෝලික පාසල් විවෘත කිරීමට කටයුතු කළ හැකි නමුත් ඇතැම්විට වෙසක් උත්සවයට පසුව මැයි 20 දක්වා කල්දැමීමටද ඉඩ ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

අප්‍රේ්ල් 21 ප්‍රහාරයෙන් පසුව මැය 6 වැනිදා පාසල් ආරම්භ කළ අතර ආරක්ෂාව පිළිබද සහතික කළ හැකි බව ආරක්ෂක අංශ මෙන්ම අධ්‍යාපන බලධාරින් පවසා ඇත. එහෙත් කාඩිනල්වරයා පවසා ඇත්තේ තවමත් ආරක්ෂාව තහවුරු කර නැති නිසා අවශ්‍ය වුවහොත් කතෝලික ජනයා වෙනුවෙන් වීදි බැසීමට වුවද සිදුවන බවය. මේ වනවිට පාසල් ආරම්භ වී සතියක් ගෙවී ඇති අතර, ව්‍යාජ ආරංචි, සමාජ මාධ්‍ය වෛර ප්‍රකාශ සහ වගකීම් විරහිත මාධ්‍ය වාර්තා ආදිය හේතුවෙන් භීතිය තවමත් සමාජය වෙලාගෙන ඇත. මේ තත්වය දේශපාලන වාසි සදහා පාලකයන් විසින් යොදාගනිමින් සිටී. මැයි 6 පාසල් ආරම්භ කළද පෞද්ගලික පාසල් ලෙස කතෝලික සභාව මගින් පාලනය කරන පාසල් මැයි 6 වැනිදා විවෘත කෙරුණේ නැත. එම පාසල් මැයි 14 විවෘත කරන බවට ප්‍රචාරය කළද කාඩිනල්වරයා දැන් පවසන්නේ තවමත් ආරක්ෂාව ගැන සෑහීමකට පත් නොවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here