“මුස්ලිම් කටයුතු ඇමැති වහාම මාරු කළ යුතුයි” – යුධ හමුදාපති

0
8

මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා වහාම මාරුකර එම අමාත්‍යාංශය වෙනත් උගත් බුද්ධිමත් අයකුට පැවරිය යුතුව ඇතැයි යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය. මෙම අමාත්‍යාංශය මුස්ලිම් ඇමැතිවරයකුටම දිය යුතු නැහැ. වෙනත් ආගමිකයකුට වුවත් පැවරිය හැකියි.

මූලධර්මවාදීන් සහ අන්තවාදීන් පිළිබඳව අපට නිතර නිතර ඇහෙනවා. වත්මන් මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා මේවා නිසි ලෙස සොයා බලන්නේ නැහැ. කොටින්ම කියතොත් ගෙදර ඉන්න මිනිහා තමාගේ ගේ පරීක්‍ෂා කරනවා වගෙයි. මෙම පරීක්‍ෂණ කටයුතුවල ස්වාධීනත්වයක් ඕනෑ. එතකොට ප‍්‍රශ්නය විසඳෙයි.

මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කළ යුතු රාජකාරිය හමුදාවට, පොලිසියට සිදුකරන්න වෙලා. වහාම මෙම අමාත්‍යාංශය මාරු කිරීම වැදගත් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here