දොස්තර සහාබ්දීන්ගේ දවසේ ආදායම මෙන්න

0
25

විදෙස් රැකියා සඳහා පිටව යන ශ්‍රමිකයින් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලත් වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. එවන් වෛද්‍ය සහතික නිකුත් කරන වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක් වෛද්‍ය සහාබ්දීන් සාෆිට අයත්ව ඇති බව සඳහන්.

කුරුණෑගල යනු ශ්‍රී ලංකාවේ විදෙස් රැකියා අංශයේ කේන්ද්‍රස්ථානයයි. සහාබ්දීන් වෛද්‍යවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථා දෙකට දෛනිකව 100කට වැඩි පිරිසක් වෛද්‍ය සහතික ලබාගැනීම සඳහා පැමිණෙන බවත් එක් අයකුගෙන් රුපියල් 8,000ක පමණ මුදලක් අය කෙරෙන බවත් වාර්තා විය. ඒ අනුව වෛද්‍ය සහාබ්දීන්ට මෙම වෛද්‍ය මධ්‍යස්ථාන දෙකෙන් පමණක් දිනකට ලැබෙන ආදායම රුපියල් ලක්ෂ 8කි. එය සහාබ්දීන්ගේම අවුලකුත් නොව විදෙස්ගත වන ශ්‍රමිකයින් සූරාකෑම සඳහා ශ්‍රී ලංකාව තුළ සකස් කර තිබෙන ක්‍රමවේදයේ හැටියකි.

කෙසේවෙතත් වෛද්‍ය සහාබ්දීන් යනු ද සුදු චරිතයක් නොවන බවත් වචනයෙන්ම කිවහොත් ඔහු අශූචි ගොඩේ සත පහක් තිබුණත් එයත් දිවෙන් අහුලා ගන්නා වර්ගයේ පුද්ගලයකු බවත් කිව යුතුය. ඔහු වැරදි කර ඇත්නම් ඔහුට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

ඔහුට එරෙහිව මේ මොහොතේ ක්‍රියාත්මක වී සිටින චරිත ද ඔහු හා සමානම පුද්ගලයින් වන අතර ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ සහාබ්දීන්ව එතැනින් බිමට ඇද දමා ඔහුගේ ආදායම් මාර්ග අත්පත් කරගැනීමටය.

අපට ඇති ප්‍රශ්නය මේ වෙනුවෙන් ඉහළම පොලිස් නිලධාරීන් ද එක්ව සම්මත ක්‍රමවේදයට පිටින් නීතිය නැවීමත් ජාතිවාදය අවුස්සන මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් හරහා නීතිය නැවීම යටගසා රට තුළ ගින්නක් ඇවිළවීමට අවස්ථාවාදීන් උත්සාහ කිරීමත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here