“වෛද්‍යවරයාට ඕනෑ නම් පැලෝපීය නාලය අවහිර කළ හැකියි”

0
24

ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ සඳහන් කර සිටියා.

සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම, නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති වීමයි.

ඇතැම් මව්වරුන්ට සිදුකරන LRT සැත්කම් යනුවෙන් හඳුන්වන්නේ ද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවයි මහාචාර්ය දොඩම්පහළ අනාවරණය කළේ.


රංජන් කස්තුරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here