වෙනස්ම සමාරම්භක උළෙලක් සමඟින් 2019 ක්‍රිකට් වසන්තය ඇරඹෙයි

0
22

බිලියන 10 ක ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු දල්වමින් 2019 ක්‍රිකට් ලෝක කුසලානය ඊයේ ආරම්භ වුණා. ඒ එංගලන්තයේදී. වෙනදා පවත්වන දැවැන්ත ආරම්භක උත්සව වෙනුවට ඉතාම චාම් නමුත් හාත්පසින්ම වෙනස ආරම්භ උළෙලක් තමයි මෙවර සංවිධානය කෙරුණේ.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා රටවල් 10 ක් තරඟ වදිනවා. ඒ ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්වන්, පාකිස්ථානය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බංගලාදේශය, ඔස්ට්‍රේලියාව සහ සත්කාරක එංගලන්තයයි.

තරඟාවලියේ පළවෙනි තරඟය අද ආරම්භ වෙනවා. මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම අනෙකුත් කණ්ඩායම් 9 සමඟ 1 තරඟය බැගින් ක්‍රීඩා කළ යුතු වෙනවා. අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ ජූලි 14 වෙනිදා.

සමාරම්භක උළෙලට කලින් කණ්ඩායම් 10 නායකයින් බ්‍රිතාන්‍යයේ දෙවෙනි එළිසබත් මහ රැජින මුණගැහිලා සමූහ ඡායාරූපයකටත් පෙනී සිටියා. මේ තියෙන්නේ 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සමාරම්භක උළලේ වීඩියෝව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here