පුපුරන ද්‍රව්‍ය ලබා දෙන්න රජයෙන් නව වැඩපිළිවෙලක්

0
52

පිටස්තර පුද්ගලයින්ට වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ලබා දීම ක්‍රමානූකූල වැඩපිළිවෙලක් යටතේ යළි ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

එළඹෙන සතියේ සිට එම කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආරක්ෂක කවුන්සිලය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වූ බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවා.

එම සාකච්ඡාවලදී තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව පුපුරණ ද්‍රව්‍ය පාලකවරයා සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ සුපරීක්ෂාව යටතේ පුපුරණ ද්‍රව්‍ය ලබා දීමටයි.

ඒ අනුව අදාළ පුපුරණ ද්‍රව්‍ය සදහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුමැතිය හිමිවූ පසු අවශ්‍ය ප්‍රමාණය දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිර්දේශය පරිදි සෘජුවම අදාළ පාර්ශවයට නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ආරක්ෂක හේතූන් මත ආරක්ෂක අමාත්‍යංශය විසින් වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පිටස්තර පාර්ශවයන්ට ලබා දීම තාවකාලිකව නතර කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here