ළමා අපයෝජක හිමිනමක් පන්සල් තහනමේ පෙරමුණේ

0
45

මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ නිකුත් කළ රජයේ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගම්පහ ආසනයේ කිසිදු විහාරස්ථානයට නොකැඳවීම, ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය පසුගිය අඟහරුවාදා (4දා) රාත්‍රීයේදී තීරණය කළහ.

ලන්ඩන් විහාරයට වන්දනාවේ පැමිණි නව හැවිරිදි සිඟිති දැරියක් ලිංගික අපචාරයට ලක් කිරීමේ අපරාධයට වැරදි කරු වී හත් අවුරුදු සිර දඬුවමක් ලැබූ, පහළගම විද්‍යරවින්ද පිරිවෙන් විහාරාධිපති පහළගම සෝමරතන හිමියන් එම තහනම පැනවූ ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විහාරාධිපති සංගම් රැස්වීමේ මුලසුන හෙබවීම බෞද්ධ ජනතාවගේ විමතියට හේතුවී ඇත.

ලන්ඩන් බෞද්ධ විහාරයේ බුදු මැදුරේ බුදු රුව අබියස මෙම දැරිය දුෂණය කළ සෝමරතන හිමි “මේ සිද්ධිය පිළිබඳව මවට හෙළි කල හොත් ඇය අතිශය වේදනාවට පත් වනු ඇති බව ද දැරියගේ පියා මරණයට පත් වන බව ද පවසමින් දැරිය භීතියට පත් කර, බුදු රුව පාමුල මෙම බිහිසුණු අපරාධය සිදු කර, ඒ පිලිබඳ කිසිදු පසුතැවීමකින් තොරව හැසිරෙන ආකාරය චිශ්මය දනවන බව” තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

මෙම නඩු විභාගය අතරතුර පහළගම සෝමරතන යහපත් චරිතයකින් හෙබි ප්‍රභූ චරිතයක් ලෙස සහතික කරමින් සාක්ෂි ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රභලයින් ගණනාවක් ඉදිරිපත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here