online විභාග සහතික නිකුත් කිරීම හෙට ඉඳන්

0
19

online ක්‍රමයට විභාග සහතික පත්‍ර නිකුත් කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා පැවසීය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව එක්දින සේවාව යටතේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සහතික පත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර ඒ සඳහා විභාග අපේක්ෂකයා පැමිණිය යුතුය.

එම වැඩපිළිවෙළ තවදුරටත් කාර්යක්ෂම කරමින් සහ විභාග අපේක්ෂකයන්ට පහසුවක් ඇති කරමින් (11) හෙට සිට මෙය ක්‍රියාත්මක බව සඳහන් කළේය.

මේ යටතේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිමකින් තොරව විභාග සහතිකයේ පිටපතක් ලබාගත හැකිය.

online ක්‍රමය ඔස්සේ ඕනෑම අයදුම් කරුවෙකුට අයදුම් කිරීමට හැකි අතර එහිදි ක්‍රෙඩිට් කාඩ් මගින් හෝ ඩෙබිට් කාඩ් එක මගින් මුදල් ගෙවිය හැකිය.

එසේ නොමැතිනම් තැපැල් කාර්යාල මගින් මුදල් ගෙවා ලැබෙන කේත අංකය මගින් online ක්‍රමය හරහා අයදුම් කර හැකිය.

විභාග සහතිකය ඉල්ලුම් කර දිනට පසු දින කුරියර් සේවාවක් හරහා හෝ සීඝ්‍රගාමී තැපෑල මගින් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතිබව වැඩිදුරටත් පැවසීය.


අනුර ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here