දොස්තර ෂාෆි තවම වඳ සැත්කම්වලට වරදකරු වෙලා නැහැ

0
24

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් අත්අඩංගුවට පත්ව ඇත්තේ වත්කම් ඉපයීම පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලකට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. වඳ සැත්කම් සම්බන්ධයෙන් හෝ ඒ සම්බන්ධයෙන් හෝ ඔහු මෙතෙක් වැරදිකරුවෙකු වී නැති බව සංගමයේ නියෝජිතයෙක් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරයි.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී වන්ධ්‍යාකරණයට ලක්වූ බවට මවුවරුන් සිදුකර තිබෙන පැමිණිලි පිළිබඳ සොයා බැලීමට මුලින්ම පර්යේෂණ කමිටුවක් පත්කළ යුතු බව පැවති එම මාධ්‍ය හමුවේදී එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා සදහන් කළේ ය.

පොලීසියට අදාළ පැමිණිලි භාරගැනීමට හැකියාව තිබුණද, විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට පොලීසියට හැකියාවක් නොමැති බවත් විද්‍යාත්මක පරීක්ෂාවකට පෙර ස්වාධීන පර්යේෂණ කමිටුවක් පත්කළ යුතු බවත් ඔවුන් අවධාරනය කරති.

වඳභාවයට ලක්ව තිබේද යන්න සොයා බැලීමට ලංකාව තුළ පහසුකම් තිබෙන බවත් එම පරීක්ෂාව සිදුකළ යුත්තේ මවුවරුන් අගතියට පත්නොවන ආකාරයට බවත් ඔවුහු අවධාරණය කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here