“රටේ හැදියාව, ශිෂ්ඨත්වය, විනය නැතිවෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය නිසා”

0
20

මෙරට ශිෂ්ටත්වය, මෙරට හැදිච්චකම, මෙරට විනය සමාජ වෙබ් අඩවි නිසා යට ගිහින් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයේදී ද ඇමතිවරුන් දුරකථනය ඔබ ඔබා සිටින නිසා තමන් ජංගම දුරකථන කැබිනට් හමුවට ගෙන ඒම තහනම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ආයතන වල සේවකයන් වැඩිපුරම කරන්නේ සමාජ වෙබ් අඩවි ජංගම දුරකථනය හරහා නැරඹමින් සිටීම බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල පඬුවස්නුවරදී පැවති ‘සාරවත් දේශයක වාපි සංග්‍රාමය’ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here