දින 66කට පසුව කාදිනල්ට සියොන් දේවස්ථානය මතක් වෙලා

0
23

අප්‍රේල් 21 මරාගෙන මැරෙන ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානය නිරීක්ෂණය කිරීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ඊයේ (15) පළමු වතාවට ගොස් තිබෙනවා.

දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයාබැලීම මෙම ගමනේ අරමුණ බව ප්‍රකාශ වූවද ප්‍රහාරයෙන් පසුව දින 66ක් ඉකුත් වූ පසුව අගරදගුරුවරයාට සියොන් දේවස්ථානය සිහිපත්වීම කුකුසකට හේතු වී ඇත.

මෙම දේවස්ථානයේ ප්‍රහාරය නිසා 30 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ. දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණු දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්‍ය ආධාරයක් ද ලබාදුන් අගරදගුරු මැල්කම් රංජිත් විසින් බෝම්බ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබුවන්ගේ සුවදුක් ද විමසා ඇත.

මෙම දේවස්ථානය කතෝලික දේවස්ථානයක් නොව ක්‍රිස්තියානි දේවස්ථානයක් වන නිසා ඇතැම්විට මෙම දේවස්ථානය බැහැදැකීමට යාමට කාදිනල්ගේ මූලික අවධානයට ලක්නොවන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here