සාගරයට අපද්‍රව්‍ය මුදා හරින රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට

0
36

ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය සාගරයට මුදා හරින රටවල් අතර ශ්‍රී ලංකාව ලොව පස්වැනි ස්ථානයට පත්වී ඇතැයි සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මෙම අන්තර් ජාතික සමීක්ෂණයට අනුව සාගරයට ලොව වැඩිපුරම ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය නිකුත් කරන රට වන්නේ චීනයයි.

ගොඩබිම නිසි පරිදි බැහැර නොකරන පොලිතීන් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගංගා ඔස්සේ සයුරට ගලා බැසීම ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය උග්‍ර වීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මේ තුළින් වෙරළ තීරය සහ සාගර පරිසර පද්ධතිය විනාශ මුඛයට ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතා පැවසුවා.

සංචාරක කර්මාන්තයට හා ධීවර කර්මාන්තයට ද මෙය දැඩි බලපෑම් එල්ලවිය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතා වැඩි දුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here