චීන දුම්වැටි වලට මරාගෙන මැරෙන්න කතා කරන රාජිතට සමූහ මිනිස් ඝාතන චෝදනා

0
31

ඇමති මංගල සමරවිර විසින් විදේශයන්ගෙන් සිගරට් ගෙන්වීම සඳහා අවසර ලබාදීම කළහොත් තමන් මෙම ආණ්ඩුවෙන් එළියට බැස කැරලි ගැසීමට සූදානම් බව ඇමති රාජිත පවසයි. චීන කම්කරුවන් විශාල ප්‍රමාණයක් මෙරට වැඩ කරන බවත් ඔවුන් මෙරට දුම්වැටි පාවිච්චියට කැමති නැති නිසා චීනයෙන් දුම්වැටි ගෙන ඒම සඳහා අවසර ලබාදෙන බව මුදල් ඇමැතිවරයා මෑතක දී කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ වගේම රාජිත සේනාරත්න අමාත්‍ය ධුරය දරන කාලයේ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව රෝහල්වලින් ප‍්‍රතිකාර ගත්තු රෝගීන්ට ප‍්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන ලෙස තීන්දු කර ඇති ඖෂධ සියල්ල ලබා දී තිබෙනවා. ඖෂධ ජාවාරම්කරුවන් සතුටු කිරීමටයි මේ බරපතළ මානව අපරාධය කර ඇත්තේ. මෙය සමූහ මිනිස් ඝාතනයක් ලෙස හඳුනාගත හැකියි. අද දුප්පත්, අහිංසක රෝගීන්ට රජයේ සෞඛ්‍ය සේවය පිළිබඳව මෙතෙක් පැවැති විශ්වාසය නැතිව ගොස් තිබෙනවා.

මෙවැනි ප්‍රකාශයක් කරන රාජිත මානව අපරාධයන්ට වගකිව යුතු බවට චෝදනා එල්ල වී තිබේ. ඒ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් බාල ඖෂධ ගෙනවිත් මෙරට රෝගී ජීවිත බරපතල ලෙස අවධානමේ හෙලා ඇති නිසාය. මේ නිසා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට විරුද්ධව මේ දිනවල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් රට පුරා විරෝධතා ව්‍යාපාරය දියත් කරමින් සිටී. ඔහු සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර අත්අඩංගුවට ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here