නැව් සුක්කානම ධර්මචක්‍රයක් කළ හසලක OICට වැඩ වරදී

0
30

තමන් හැඳ සිටි ඇඳුමේ තිබුණු නැව් සුක්කානමක රුව නිසා හසලක ප්‍රදේශයේ කාන්තාවක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සැලැස්වූ හසලක පොලිසියේ ස්ථානාධිපතිවරයාට විරුද්ධව එම කාන්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. සිද්ධියට මුහුණ පෑ හසලක පූඬලුගස්යාය ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසීනා නමැති කාන්තාව එසේ පැමිණිලි කර ඇත්තේ එම සිදුවීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව කියමිනි.

මෙම කාන්තාව පසුගිය මැයි 17 වනදා හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මැයි 19 වනදා මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ජුනි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

තමන් හැඳ සිටි ඇඳුමේ සටහන්ව තිබුණේ නැවක සුක්කානමක් බවත්, එය නැව් සුක්කානමක් බව පැහැදිළිව හඳුනා ගත හැකිව තිබියදීත් තමාව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පවසන පෙත්සම්කාරිය, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර එහි වග උත්තරකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියි. හසලක පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස්පතිවරයා පෙත්සම මගින් වග උත්තරකරුවන් බවට පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here