“රාජ්‍ය පාලකයින් සංඝරත්නයේ උපදෙස් අනුව ක්‍රියා කරන්නේ නම් රටක් වැරදි මඟට යන්නෑ” – සිරිසේන කියයි

0
18

රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සෑමවිටම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු අතර ලෝකයේ බොහෝ රටවල තිබෙන අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපේ රට තුළ සෑම ජනකොටසකටම සහ ආගමිකයෙකුටම නිදහසේ ජීවත්වීමට හැකි පරිසරය ගොඩනැගී තිබෙන්නේ බෞද්ධ දර්ශනයේ එම මානවවාදී මඟපෙන්වීම හේතුවෙන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ හගුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ඊයේ (18) පස්වරුවේ එක්වෙමිනි.

ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත ඓතිහාසික මාදන්වල රජමහා විහාරය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා එක් විය.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වුණු අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here