කොන්ඩම් දැක සලිත වෙන ලොකු පුටු

0
43

ලංකාව ලිංගික අධ්‍යාපනයෙන් ගෝත්‍රික රටක් බවට සාක්ෂි අප්‍රමාණ අපට හමු වී ඇත. පෑඩ් කතාව ට සමාන්තරව ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනයේ හීන බව පිළිබඳ මීට පෙර සටහනක් ද තැබුවෙමි. ලංකාවේ සබ්බ සකල මනාවෙන් පිරි සංස්කෘතියක් ඇතැයි කියා ඒ සංස්කෘතියේම හිඳිමින්, ඒ ගැනම කියමින් රැකියා ස්ථානවල සිට ඕනෑම සමාජ වපසරියක ලිංගික අල්ලස් ගන්නට ලොක්කන්ද සොක්කන්ද දඟලන බව කියූ නොකියූ කතා තුළ ඕනෑම කෙල්ලකට, ගැහැනියකට සාක්ෂි ඇත….

අධ්‍යාපන අයිතීන් පිලිබඳවත් මහපොළ පිළිබඳ වත් කෑ ගසන විට මාධ්‍ය ඉදිරියේ ලොක්කන්ගේ කටවල් ඒවාට ඇරෙන්නේ නැත….

අතීතයේ එක ගෙයි කෑම, බිසෝවරු නඩත්තුව ආදිය තිබූ රටක අද වන විට සුදු රෙද්ද බලා දීග කන අයද තවමත් ගෝත්‍රික වහල් බව නඩත්තු කරමින් සිටියි….

තරුණ වයසේදී ලිංගිකත්වය පිළිබඳ හැඟීම් පහළ වීම හෝ එහි නිරත වීමට අවශ්‍යතාවයක් ඇති වීම සාමාන්‍ය සිදුවීමකි. රුහුණේ අහු වුණා යැයි කියන කොන්ඩම් බාල්දි දෙක ගොසිප් ඩප්පියන් සහ පතෝල පේජ් ඇඩ්මින්ලා අන්තර්ජාතික පිංතූර මඟින් පෙන්වා ව්‍යාජ බවක් පෙන්වීමට උත්සහ දරා ඇත…. ඒ තරමට උන්ට අසහනය ය.

ගිය වසරේ ඒඩ්ස් රෝගය පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අනුව ජ පුරට ද වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ශාස්ත්‍රපීඨ ගොඩනැගිල්ලේදීම ලිංගිකත්වය හා සමාජ රෝග වලින් වැලකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටනක් ක්‍රියාත්මක කළා මතකය…. එහිදී කොණ්ඩම් නොමිලේ බෙදා දුන් අතර ඒවා රැගෙන යන්නටත් තම සෞඛ්‍ය ගැටලු ගැන වෛද්‍යවරුන් සමඟ කතා කරන්නටත් සිසුන් පෙළඹෙන බව දුටිමි….

කොල්ලන් ඒවා ගෙනිච්චේ පාටි දාන්නවත්..බීමතින් රිය පැද වූ විට පොලිසියට පුම්බා පෙන්වීමට නොවන බව බබා වෙන්නට හදන අය සිහියේ තබා ගත යුතු ය. පාසලේ දී ප්‍රජනනය පාඩම ඉගැන්වීම්ට පවා ඇතැම් ගුරුවරුන් මැලි වෙද්දී sex search කර කප් ගැසීම අරුමයක් නොවේ..

රුහුණෙන් පෝලිමට බඩ වූවන් හසු වුණා නම් උපකුලපති බය විය යුතුය. නමුත් හමු වුණේ කොන්ඩම් ය. ඉතින් ලිංගිකත්වය සම්බන්ධයෙන් තරුණ සමාජයේ දැනුවත් බව පිළිබඳ ව ඔහු බය විය යුතු නැත…. අර කියනා කාමරවල එසේ සිදු වුණා නම් එය බලෙන් සිදු වූවා විය නොහැක…. එසේ වූවා නම් මේ වෙන විටත් නඩු ය.

ඉතින් මිත්‍රවරුනි,
ඇයි ද කලබල….?


මීනු ගුණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here